ටවර් කලාකරු අවුරුදු තිළිණ ප්රදානය
අප්‍රේල් 11th, 2026ටවර් හෝල් රඟහල පදනම, මධ්‍යම සංස්කෘතික අරමුදල හා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව නාට්‍ය ක්ශේත්‍රයට සුවිශේෂී දායකත්වයක් සැපයූ ටවර් හෝල් රඟහල පදනම මගින් දීමනා ලබන ජෙෂ්ඨ කලා ශිල්පීන් ඇතුළු කලාකරුවන් 150 දෙනෙකු සඳහා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අවුරුදු තිළිණ ප්රදානය කිරීම බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක හා ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය එම්.එම්. මොහොමඩ් මුනීර් මුලාෆර් යන මැතිතුමන්ලගෙ ප්‍රධානත්වයෙන් (10) ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලයේ දී සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ, අතිරේක අධ්‍යක්ෂක ජනරාල් ප්‍රියදර්ශන උඩකුඹුර, කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ ටවර් හෝල් රඟහල පදනම් අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක යන මහත්වරුන් සහ ජ්‍යෙෂ්ඨ ජනාදරයට පාත්‍ර වූ රංගන හා ගායන ශිල්පි විජේරත්න වරකාගොඩ මහතා ඇතුළුව ජ්‍යෙෂ්ඨ කලාකරුවන් රැසක් සහ ටවර් හෝල් රඟහල පදනම් සමස්ත කාර්ය මණ්ඩලය සහභාගී විය.







බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
