මොරගහකන්ද මහමෙව්නා විහාරස්ථානයේ චෛත්‍යය රාජයාණන් වහන්සේට මුල්ගල් තැබීමේ මහෝත්සවය

අප්‍රේල් 25th, 2026

මොරගහකන්ද මහමෙව්නා විහාරස්ථානයේ චෛත්‍යය රාජයාණන් වහන්සේට මුල්ගල් තැබීමේ මහෝත්සවය අද (25) දින පැවැත්විණි. මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා සහ නාඋල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ගරුතර නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය මෙන්ම අතිවිශාල බැතිමතුන් පිරිසක්ද එක්ව සිටියහ.