ටවර් හෝල් රඟහල පදනම, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව 30 වැනි වරටත් සංවිධානය කළ සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ ජයග්‍රාහකයින් සඳහා සම්මාන ප්‍රදානය
මැයි 17th, 2026ටවර් හෝල් රඟහල පදනම, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව 30 වැනි වරටත් සංවිධානය කළ සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ ජයග්‍රාහකයින් සඳහා සම්මාන ප්‍රදානය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මෙන්ම, ටවර් හෝල් රඟහල පදනමේ සභාපති ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් මැයි 15 විජේරාම මාවතේ පිහිටි සව්සිරිපාය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මැතිතුමා , නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා , අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, ප්‍රින්ස් සේනාධීර මහතා, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති, කීර්ති වැලිසරගේ මහතා, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති, මහාචාර්ය ඉන්දික ෆර්ඩිනෑන්ඩු මහතා, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය ඒකකයේ අධ්‍යාපන අධ්‍යක්ෂ, වරුණ අලහකෝන් මහතා, ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරිය මහතා, ප්‍රවීණ රංගන ශිල්පී නිමල් ජයසිංහ මහතා, ජයග්‍රාහී පාසල් වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසු දරු දැරියන්, ටවර් නාට්‍ය හා රංගකලා පාසලේ විද්‍යාර්ථීන් හා ටවර් හෝල් රඟහල පදනමේ කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.







බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
