උරුමයට ජීවයක්…

ජූලි 8th, 2026

136 වන ජාතික පුරාවිද්‍යා දිනය අනුස්මරණය කරමින් පවත්වන ජාතක පුරාවිද්‍යා සමුළුව හා උරුමයට ජීවයක් ජාතික වැඩසටහන ආරම්භය බුද්ධශාසන, ආගමික ජා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, එම නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් 07 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර, පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්, පුරාවිද්‍යා මහාචාර්යවරු ඇතුළු විද්වතුන් රැසක් සහභාගි වී සිටියහ.