වියට්නාමයෙ හැනෝයි නගරයේ “vinh Trang pagoda” විහාරස්ථානයේ ශ්‍රී ලංකාවෙන් වැඩමවන ලද ජය ශ්‍රි මහාබෝධි අංකුරයක් රෝපණය කිරීම

අගෝස්තු 30th, 2026

වියට්නාමයෙ හැනෝයි නගරයේ “vinh Trang pagoda” විහාරස්ථානයේ ශ්‍රී ලංකාවෙන් වැඩමවන ලද ජය ශ්‍රි මහාබෝධි අංකුරයක් රෝපණය කිරීමේ අවස්ථාව 29 වෙනිදින පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේලා, වියට්නාම් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා සමග බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා, වියට්නාම් තානාපති, බෞද්ධ කොමසාරිස් ජනරාල් ආර්.එම්.සේනාරත්න මහතා, නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නිමල් රත්නායක මහතා ද මෙම විශේෂ අවස්ථාට සහභාගි විය.