කුරුණෑගල, නාරම්මල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති නාහිමිපාණන් වහන්සේ වෙත ‘මහෝපාධ්‍ය’ පදවිය පිරිනැමීම

අගෝස්තු 25th, 2026

කුරුණෑගල, නාරම්මල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති නාහිමිපාණන් වහන්සේ වෙත ‘මහෝපාධ්‍ය’ පදවිය පිරිනැමීම, නාරම්මල ප්‍රදේශයේ වස් 50 සපිරු ස්වාමීන් වහන්සේලා ඇගයීම සහ වසර 20 දහම් පාසල් ගුරු සේවා කාලය සපිරූ දහම්පාසල් ආචාර්‍යවරුන් 96 දෙනෙකු ඇගයීමේ උත්සවයක් 23 දින නාරම්මල නගරශාලාවේ දි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගෙ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මැතිතුමන්ලා හා පූජනීය මහා සංඝරත්නය ද , රාජ්‍ය නිළධාරී මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශවාසී ජනතාව එක්ව සිටියහ.