
මහාචාර්ය ටී.ජී.කුලතුංග අභිනන්දන උපහාර
නොවැම්බර් 4th, 2022සම්මානිත මහාචාර්ය ටී.ජී.කුලතුංග ශූරීන් ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා උරුමයන් හී අභිවෘධිය වෙනුවෙන් කළ අමිල සේවය අගයමින් පිදෙන උත්තමාචාරයයි මේ.
මහාචාර්ය ටී.ජී.කුලතුංග අභිනන්දන උපහාර වෙළුම ටී.ජී.කුලතුංග අභිස්තව ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයක් පසුගිය (1) දා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී පැවැත්වුණි. කෘතියේ අන්තර්ගත ලිපි අපේ රටේ විද්වතුන් විසින් සම්පාදනය කර තිබුණි. සම්මානිත මහාචාර්ය ටී.ජී.කුලතුංග ශූරීන් ඇතුළු සියළුදෙනා පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කිරීම මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල්, පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා විසින් සිදුකරනු ලැබූහ. හේතුපාඨ කියවීම මහාචාර්ය පත්මසිරි කන්නන්ගර මහතා විසින් සිදු කළේය.
අනතුරුව මහාචාර්ය ටී.ජී.කුලතුංග අභිස්තව සංග්‍රහය, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා විසින් මහාචාර්ය ටී.ජී.කුලතුංග මහතා වෙත පිළිගැන්වීමෙන් අනතුරුව මහාචාර්ය කුලතුංග මහතා විසින් පිළිවෙලින් පූජ්‍ය දඹර අමිල හිමිපාණන් වහන්සේට, ගරු විදුර වික්‍රමනායක අමාත්‍යතුමාට, ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) කේ.ඒ.ඩී.ආර්.නිශාන්ති ජයසිංහ මහත්මියට, පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥ මහාචාර්ය අනුර මනතුංග මහතාට, ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ මහතාට, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට ඇතුළු සම්භාවනීය අමුත්තන් වෙත අභිස්තව ග්‍රන්ථය පිළිගන්වනු ලැබූහ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහකාර අධ්යක්ෂ (ප්‍රකාශන සහ අනුරූ) චිත්‍රා දඹදෙණියආරච්චි මහත්මිය විසින් ස්තුති කථාව පැවැත්විය.
කුලතුංග මැතිණිය, පවුලේ හිතවතුන් ඥාතීන් , පුරාවිද්‍යා ක්ෂේත්රයේ විද්වතුන්, විශ්වවිද්‍යාල අංශ ප්‍රධානීන්, රාජ්‍ය ආයතන අංශ ප්‍රධානීන් ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණි. අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ද මෙම උපහාර උළෙල සඳහා සහභාගී වී සිටියහ.