
අස්පර්ශනීය උරුමයන් සංරක්ෂණය සඳහා වන ජාතික කමිටු රැස්වීම
නොවැම්බර් 4th, 2022අස්පර්ශනීය උරුමයන් සංරක්ෂණය සඳහා වන ජාතික කමිටු රැස්වීම පසුගිය දා (01) සෙත්සිරිපාය, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී පැවැත් වුණි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින ආයතනයන්ට අමතරව, අස්පර්ශනීය උරුමයන් සංරක්ෂණය කිරීමේ වැඩසටහන් වෙනුවෙන් දායක විය හැකි වෙනත් අමාත්‍යංශ යටතේ පවතින රාජ්‍ය ආයතන ප්‍රධානීන් ද අපේ රටේ විවිධ ක්ෂේත්රයන් හී විද්වතුන් ද සම්බන්ධ කරගනිමින් පිහිටුවනු ලැබූ මෙම ජාතික කමිටුවේ මෙවර සාකච්ඡාවේ දී බොහෝ කරුණු, අදහස්, යෝජනා ඉදිරිපත් කෙරුණා. තවද, නූල් රූකඩ කලාව හා දුම්බර රටා කලාව අස්පර්ශනීය ලෝක උරුමයක් බවට පත්කරගැනීම සඳහා දායක වූ විවිධ විද්වතුන් වෙනුවෙන් උපහාර තිළිණ ප්‍රධානය කෙරුණි.
මේ වන විට අස්පර්ශනීය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්වී ඇති නූල් රූකඩ කලාව හා දුම්බර රටා කලාව පිළිබඳවත්, එම ක්ෂේත්රයන් හී අභිවෘධිය තහවුරු කිරීම සම්බන්ධයෙන් UNESCO මාර්ගෝපදේශයන් ට අනුව ආරක්ෂිත සැලසුම්, අදාල සමාජ කොටස් සමඟ සම්බන්ධීකරණයෙන් සකස් කිරීමට තීරණය කෙරුණා. “අස්පර්ශනීය සංස්කෘතික ඒකකය” යනුවෙන් වෙනම අංශයක් ස්ථාපිත කිරීමටත්, අස්පර්ශනීය උරුමයන් පිළිබඳ ජාතික ලැයිස්තුව සකස් කිරීමේ වැඩසටහන් සම්බන්ධයෙනුත්, සංරක්ෂණය පිළිබඳ පස් අවුරුදු සැලැස්මක් සකස් කිරීමටත් තීරණය කෙරුණි. මෙහි දී මේ සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියක් සහ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ අවධානය යොමු කෙරුණි. ග්‍රාමීය මට්ටමේ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන ලද පුද්ගලයින් අගයනු වස් “ජාතික වීර ලේකම් කාර්යාලයක්” පිහිටුවීමට එකඟතාව පල වුණි. විශ්ව විද්‍යාල සහ පාසල් ළමුන් සඳහා විවිධ අයුරින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ යෝජනා ඉදිරිපත් කෙරුණි.
විෂය භාර අමාත්‍යංශ ලේකම්තුමන් , එහි අතිරේක ලේකම්(සංස්කෘතික ප්‍රවර්ධන), අධ්යක්ෂවරුන්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන් ඇතුළු විද්වතුන්, බාහිර වෙනත් ආයතන ප්‍රධානීන්, සහකාර ලේකම්වරුන්, සහකාර අධ්යක්ෂවරුන්, ජාතික ශිල්ප සභාවේ ප්‍රධානීන්, කලා මණ්ඩලයේ ප්‍රධානීන් ඇතුළු බොහෝ දෙනෙක් මෙම සාකච්ඡා සඳහා සහභාගී වුණි. විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියේය.