
ටවර් ප්‍රභාෂ්වර ” අති උත්කර්ෂවත් ලෙස පසුගිය (29) දා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්විණ.
ජනවාරි 2nd, 2023ටවර් හෝල් රඟහල පදනම සංවිධානය කරනු ලැබූ ටවර් යුගයේ නූතන සම්ප්‍රාප්තිය “ටවර් ප්‍රභාෂ්වර ” අති උත්කර්ෂවත් ලෙස පසුගිය (29) දා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්විණ.
විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන්ගේ මගපෙන්වීම සහ උපදෙස් පරිදි, අභාවයට යමින් පවතින අස්පර්ශ උරුමයන් නව පරපුරට දායාද කිරීමත්, ඒවා සංරක්ෂණය කිරීමත්, ප්‍රේක්ෂක රසවින්දනයත් තේමා කරගනිමින් “ටවර් ප්‍රභාෂ්වර ” ප්‍රසංගය ටවර් හෝල් රඟහල පදනම විසින් සංවිධානය කරනු ලැබීය.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් සහභාගී වුණා. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම්තුමන්, අතිරේක ලේකම්වරුන් ඇතුළු අනෙකුත් අමාත්‍යංශ ප්‍රධානීන්, ටවර්හෝල් රඟහල පදනම ඇතුළු විෂයට අනුබද්ධ අනෙකුත් ආයතන ප්‍රධානීන් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ප්‍රවීණ කලා ශිල්පීන් ඇතුළු රසික රසිකාවියන් බොහෝ පිරිසක් ද මෙම ප්‍රසංගය සඳහා සහභාගී වුණා. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.