බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ සහ අනුබද්ධ ආයතන කාර්ය මණ්ඩලය, විෂය භාර අමාත්‍යතුමා සමඟ එක්වී 2023 නව වර්ෂයේ වැඩ අරඹති.

ජනවාරි 2nd, 2023

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ සහ අනුබද්ධ ආයතන කාර්ය මණ්ඩලය, විෂය භාර අමාත්‍යතුමා සමඟ එක්වී 2023 නව වර්ෂයේ වැඩ අරඹති.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ධර්මපාල මාවත පරිශ්‍රයේත් බත්තරමුල්ල සෙත්සිරිපාය සංස්කෘතික අමාත්‍යංශ පරිශ්‍රයේත් ජාතික උරුම අංශයේත් අද දින (02) අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු ආයතන ප්‍රධානීන් සහ කාර්යමණ්ඩල, අමාත්‍යතුමා ගේ සහභාගීත්වයෙන් 2023 නව වසරේ වැඩ ඇරඹීමට මත්තෙන් චාරිත්‍රානුකූලව ආගමික වතාවත් සිදුකරනු ලැබුහ.

මෙහි දී අමාත්‍යංශය ඇතුළු අනෙකුත් ආයතන ප්‍රධානීන් විසින් කාර්ය මණ්ඩලය වෙත, පසුගිය වසර වලදී ආයතන කාර්යමණ්ඩල විසින් ඉටු කරනු ලැබූ සාමූහික වගකීම් වෙනුවෙන් ස්තූතිය පිරිනැමූ අතර, නව වසරේ සාමුහිකව එක් වී විෂය භාර අමාත්‍යතුමා ගේ මග පෙන්වීම යටතේ තව තවත් ජනතා සේවය වෙනුවෙන් කැප වී ක්‍රියා කිරීමටත් සාමූහික වගකීම් නොපිරිහෙලා ඉටු කරීමටත් අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.