
පාසැල් දරුවන් සදහා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්…
ජනවාරි 9th, 2023කායික මානසික නිරෝගී භාවයෙන් යුතු දරු පරපුරක් මෙරටට දායාද කිරීමේ අරමුණින් අමාත්‍යංශයේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ “පහන් දිවියට සහන් එළියක්” මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනෙහි තවත් එක් වැඩසටහනක් 2023.01.09 දින මරදාන ගෝතමී බාලිකා විද්‍යාලයේදී පැවැත්විණි. ඒ එම විද්‍යාලයේ හත්වන ශ්‍රේණියේ සිට එකොළොස්වන ශ්‍රේණියේ දැරියන් උදෙසායි.
මෙහිදී මත්ද්‍රව්‍ය භාවිතයේ නියම හානිය, දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු කරගැනීමේ ජාවාරම්කරුවන්ගේ උපක්‍රම හා මත්ද්‍රව්‍ය භාවිතය සබැදිව දරුවන්ගේ විශ්වාස පද්ධතිය කොතෙක් වැරදිසහගතද යන්න මෙහිදී අවධාරණය කරන ලදී. මෙහි දේශනය ඒකකයේ සම්බන්ධිකරණ නිලධාරී එන්.ආර්. අමරසිංහ මහතා විසින් පවත්වන ලදී