
පොලොන්නරුව කවුඩාගල පැරණි ස්තූපයේ කැණීම් වලදී හමුවූ ශිලා කරඩු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දී විවෘත්ත කෙරේ
ජනවාරි 19th, 2023පොලොන්නරුව වැලිකන්ද කවුඩාගල ස්තූපයේ කරන ලද කැණීම් වල දී ශිලා මංජුසා තුළ පළිඟු කරඩු 4ක් ඇතුළු පුරාවස්තූන් රැසක් හමුවී තිබේ. විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන්ගේ උපදෙස් පරිදි මෙම කරඩු පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී (17දා) නිරාවරණය කිරීමට කටයුතු කෙරුණි. මෙම නිරාවරණය කිරීමේ දී පලිඟු කරඩු මෙන්ම රිදී කරඬුවක් ද හමුවී තිබේ. අදාල ස්ථානයේ කැණීම් තව දුරටත් සිදු කෙරෙයි.
මෙම කරඬු නිරාවරණය කිරීමේ අවස්ථාව සඳහා පොලොන්නරුව වැලිකන්ද කවුඩාගල ආරණ්‍ය සේනාසනාධිපති දේවගල පඤ්ඤාසීහාලංකාර නාහිමිපාණන් වහන්සේ, ගල්ගමුවේ සන්තබෝධි නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩමකොට වදාළහ. අමාත්‍යංශය ලේකම්තුමන්, ජාතික උරුම අංශයේ අතිරේක ලේකම්තුමිය ඇතුළු අමාත්‍යංශ ප්‍රධානීන්, නැගෙනහිර පලාත් ආණ්ඩුකාරතුමිය, ජගත් සුමතිපාල මැතිතුමන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්තුමන් එහි ආයතන ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩලය සහ අදාල අනෙකුත් ආයතන ප්‍රධානීන්, , මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා ද මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර විෂය භාර අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් මෙම කරඬු නිරාවරණය කිරීම සිදු කරණු ලැබුණි.