
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මාලදිවයින් නියෝජ්‍ය මහකොමසාරිස්තුමිය සහ අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් අතර සාකච්ඡා.
ජනවාරි 22nd, 2023දෙරට අතර අත්සන් කිරීමට නියමිත සංස්කෘතික සහයෝගීතා ගිවිසුමෙහි මෙන්ම ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සම්බන්ධ ගිවිසුමෙහිද වත්මන් තත්ත්වය පිළිබඳව, මෙහිදී අමාත්‍යතුමා අවධානය යොමු කළේය. ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සංස්කෘතික සහයෝගීතා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය විවිධ රාජතාන්ත්‍රික ගිවිසුම් හී අවශ්‍යතාවය පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කළ අතර ජාතික උරුම සංරක්ෂණය සහ පුරාවිද්‍යාව සම්බන්ධ නව ගිවිසුමක අවශ්‍යතාවය පිළිබඳව අමාත්‍යතුමා අදහස් ප්‍රකාශ කරනු ලැබූහ. ඒ පිළිබඳව සියළු දෙනාගේ අවධානය යොමු විය.
ශ්‍රී ලංකාව තුළ, මාලදිවයින සංස්කෘතික මධ්‍යස්ථානයක් පිහිටුවීම සම්බන්ධ සහයෝගීතා ගිවිසුමෙහි වර්තමාන තත්වය සහ එය පිහිටුවීමේ ඇති වැදගත්කම පිළිබඳවද අවධානය යොමු කෙරුණි.
මාලදිවයින නියෝජ්‍ය මහකොමසාරිස් Fathimath Ghina සහ එම තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Aminath Warudha මහත්මිය මෙම සාකච්ඡාව සඳහා පැමිණ සිටියහ. අමාත්‍යංශයේ අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නදීරා රූපසිංහ, අමාත්‍යංශයේ සහකාර ලේකම් භාග්‍යා සී. කටුදෙණිය යන මහත්ම මහත්මීන් සමඟ අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වුණි.