
ශ්‍රී සුගත සුභද්‍රාරාම මහා විහාරස්ථානයේ ඉදිකරන ලද ශ්‍රී සම්බුද්ධ මන්දිරය විවෘත කිරීම
ජනවාරි 28th, 2023පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති හා අධ්යක්ෂ, ගණේමුල්ල ගලහිටියාව ශ්‍රී සුගත සුභද්‍රාරාමාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන්වහන්සේ ගේ අනුශාසකත්වය හා මගපෙන්වීම මත අභිනවයෙන් ඉදිකරණු ලැබූ සුවිසල් ශ්‍රී සම්බුද්ධ මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යමහෝත්සවය පසුගිය (26) දා සුබ මොහොතින් සිදු කරණු ලැබුවා.
ගණේමුල්ල, ගලහිටියාව ශ්‍රී සුගත සුභද්‍රාරාම මහා විහාරස්ථානයේ ඉතා අලංකාරවත් ලෙස ඉදිකරන ලද මෙම සුවිසල් ශ්‍රී සම්බුද්ධ මන්දිරය විවෘත කිරීමේ මහෝත්සවය, ගරුතර මහා සංඝරත්නයේ වැඩමවීමෙන්, අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා සහ ප්‍රදේශවාසී ගිහිපින්වතුන් බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වූ අතර පූජා පිංකම් බොහෝමයක් ද මේ වෙනුවෙන් සංවිධානය කර තිබුණා.