මල්වතු පාර්ශ්වය සහ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාව සමඟ සාකච්ඡාවක් මහනුවර ජනාධිපති මන්දිරයේ දී…

පෙබරවාරි 21st, 2023

පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය “ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන කේන්ද්‍රයක්” බවට පත් කිරීම, පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම, 2023 වෙසක් උත්සවය රාජ්‍ය මැදිහත්වීමෙන් පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මල්වතු අස්ගිරි කාරක සංඝ සභික ස්වාමීන්වහන්සේලා කළ ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේ දී පසුගිය (18) දා සාකච්ඡා කරන ලදි.

බෞද්ධ භික්ෂුන් වහන්සේලාට සහ විහාරස්ථානවල පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් ලබාදිය හැකි සියලු විසඳුම් ලබාදෙන බව ගරු ජනාධිපතිතුමන් ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ඇතුළු සියළු දෙනා එකඟවිය.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී, මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම, මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද, මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල යන ස්වාමීන් වහන්සේලා ඇතුළු කාරක සංඝ සභාවේ හිමිවරුන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක , ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.