කොරියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහයෝගීතාව පුළුල් කිරීමේ සාකච්ඡා

පෙබරවාරි 23rd, 2023

කොරියාව හා ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහයෝගිතාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ඉදිරි වැඩසටහන් පිළිබදව සාකච්ඡා කිරීම සඳහා පසුගිය (21) දා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ (සංස්කෘතික අංශයේ) දී ද්වි පාර්ශවික සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

එම සාකච්ඡාවට සහභාගී වූ විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන්, දෙරට අතර සංස්කෘතික සහයෝගීතා වර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කළ අතර කොරියාව හා ශ්‍රිී ලංකාව අතර “Cultural Heritage Forum” සංවිධානය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කෙරුණා. මෙහි දී 2023 දි පැවැත්වීමට නියමිත EXPO 2023 සඳහා කොරියාවට සහය ලබා දෙන මෙන් කොරියානු පාර්ශවය විසින් ඉල්ලිමක් ද සිදු කරනු ලැබුවා.

මෙම සාකච්ඡා සඳහා කොරියානු ජනරජයේ තානාපතිතුමන් (H.E. Woonjin Jeong) සහ දෙවන ලේකම්වරියත්, කොරියානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහජන රාජ්‍යතාන්ත්‍රික තානාපතිතුමන් (H.E. Lee Sang Hwa) සහ පලවන දෙවන ලේකම්වරියන් ද සහභාගී වුණා. අමාත්‍යංශය පාර්ශවයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ලේකම්තුමන්, අතිරේක ලේකම්වරුන් සහ සහකාරලේකම්වරුන් අදාල දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු අමාත්‍යංශ කාර්යමණ්ඩල ප්‍රධානීන් සහභාගී වී සිටියා.