දේශබන්ධු සිරිසුමන ගොඩගේ මැතිතුමන් විසින් රචිත ධර්ම ග්‍රන්ථ කිහිපයක් අමාත්‍යතුමා වෙත ප්‍රදානය කෙරේ.

පෙබරවාරි 28th, 2023

රාජ්‍ය සම්මාන ලත් පොත් ප්‍රකාශන සමාගමක් වන ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ(පුද්) සමාගමෙහි අධිපතිතුමන් වන දේශබන්ධු සිරිසුමන ගොඩගේ මැතිතුමන් විසින් රචිත ධර්ම ග්‍රන්ථ කිහිපයක් පසුගිය (24) දා අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් වෙත ප්‍රදානය කරනු ලැබුවා.

“ සිල්වතෙකු වී දහම අවබෝධ කර ගන්න”, “පංච උපාදානස්කන්ධ”, “කය වචන දෙකින් පින්-පව් සිතින් කුසල්-අකුසල්” යනුවෙන් ප්‍රකාශිත මෙම ග්‍රන්ථ ත්‍රිත්වය තුළින්, බෞද්ධ ධර්ම ග්‍රන්ථ පරිශීලනය කරන පාඨකයින් හට ධර්මාවබෝධය ලබාගැනීමට මනා පිටුබලයක් ලැබෙනු ඇති බවට දේශබන්ධු සිරිසුමන ගොඩගේ මැතිතුමන් බලාපොරොත්තු වෙනවා. අනාතයේ ද මෙවන් වූ උදාරතර සේවාවන් සිදු කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා යයී ප්‍රාර්ථනා කර සිටිමු.