
උතුරු පළාතෙහි පුරාවිද්‍යා ප්‍රශ්න සම්බන්ධයෙන් එම ප්‍රදේශයන් හී දමිළ මන්ත්‍රීවරුන් සමඟ නැවත සාකච්ඡා…
මැයි 29th, 2023උතුරේ තිබෙන පුරා විද්‍යා ස්ථාන පිළිබඳව එම ප්‍රදේශයන් හී මන්ත්‍රීතුමන්ලා පාර්ලිමේන්තුව තුළ වරින් වර ප්‍රශ්න මතුකරනු ලබනවා. එම නිසා දෙවන වතාවට නැවත අදාල නිළධාරීන් ද සහභාගී කරගනිමින් මෙම මන්ත්‍රීතුමන්ලා සමඟ සාකච්ඡා කිරීමට ආරාධනා කරනු ලැබුවා. ඒ අනුව මෙම සාකච්ඡාව සෙත්සිරිපාය සංස්කෘතික අමාත්‍යංශයේ දී (25දා ) පැවැත්වුණි.
කුරුන්දිමලේ සහ වඩුකනාරි වල තිබෙන නීතිමය කටයුතු වලින් අනතුරුව සියළු දෙනාටම එකඟ විය හැකි වැඩපිළිවලක් සකස් කිරීමට සියළු දෙනා මෙම සාකච්ඡාවේ දී එකඟ වුණි එසේම මෙහි දී ශිවන් කෝවිලක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ප්‍රශ්න සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ අතර එහි මැනුම් කටයුතු තාවකාලිකව නතර කිරීමට එකග විිය මෙහි දී දෙපාර්ශවයේම එකඟතාව ඇතිව යම් යම් තීන්දු තීරණ වලට එළඹීමට ද හැකියාව ලැබුණි. එසේම ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳව අමාත්‍යතුමා විසින් අමාත්‍යංශ බලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දුනි.
සාකච්ඡාව අවසානයේ දී අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා මේ පිළිබඳව සිය අදහස් දක්වමින්, පුරාවිද්‍යා සාධක යනු ජාතියකට හෝ ආගමකට අයත් දෙයක් නොවන අතර එය මුළු රටටම පමණක් නොව ලෝකයටම අයිති සම්පත් බවත් අපේ රටේ ගමන් මග පිළිබඳ ඉතිහාසය මේ මගින් පිළිබිඹු කරන බවත් ජාති ආගම් බැහැර කොට මිනිසුන් ලෙස එකිනෙකා අතර අවබෝධයක් ගෞරවයක් ඇතිව, අපි සියළු දෙනාම එකට එක් වී කටයුතු කළ හැකි නම් එය රට වෙනුවෙන් ගත හැකි වටිනා තීරණයක් බවත් ප්‍රකාශ කළේය.
තව දුරටත් අදහස් දැක් වූ අමාත්‍යතුමා, ප්‍රශ්න ඇතිකර ගැනීමෙන් සම්පූර්ණයෙන්ම අහිංසක ජනතාව දැඩි පීඩනයකට අපහසුතාවයකට ලක් වන බවද එම නිසා දෙපිරිසම සැකයෙන් තොරව අවබෝධයෙන් මෙම ප්‍රශ්න නිරාකරණය කර ගැනීම රටක් වශයෙන් බොහෝ වැදගත් වන බවද අවධාරණය කරන ලදී.
මෙම සාකච්ඡාව සඳහා උතුරු පළාත් මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් ද අමාත්‍යංශ ලේකම්තුමන්, අතිරේක ලේකම්වරුන් ඇතුළු අදාල ආයතන ප්‍රධානීන් බොහෝ දෙනෙක් ද සහභාගී වූූහ