සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආරම්භක ගරු සභාපති ශ්‍රීමත් ඩී බී ජයතිලක මැතිතුමාගේ 79 වැනි ගුණ සැමරුම සහ අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානය…

මැයි 30th, 2023

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආරම්භක සභාපති ශ්‍රීමත් ඩී බී ජයතිලක මැතිතුමාගේ 79වැනි ගුණ සැමරුම සහ අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේ දී (29දා) පැවැත්වුණි. බස්නාහිර පලාත් අධිකරණ සංඝනායක පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරිසුමන නායක හිමිපාණන්වහන්සේ විසින් මූලාසනය හොබවන ලදී. අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණි. ශ්‍රීමත් ඩී. බී. ජයතිලක පිළිරුවට මුල්ගල තැබීමද මෙහිදී සිදු කරනු ලැබුවේය.

මෙහි දී අපේ රටේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ තෝරාගත් අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන් සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් සර් ඩී.බී.ජයතිලක අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රධානය කෙරුණි.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ, උප සභාපති වරුන් වන වසන්ත ද සිල්වා, මහාචාර්ය සුසිරිපාල මාලිම්බඩ, වෛද්‍ය රානි ප්‍රනාන්දු , ජයතිලක මැතිතුමාගේ පවුලේ මහින්ද ලැනරෝල් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ භාරකාර මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු මහත්ම මහත්මීන් මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.