
2023 ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්…..
ජූනි 27th, 2023ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ඊයේ දිනට (2023.06.26) යෙදී තිබුණි. ඒ වෙනුවෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කාතික කටයතු අමාත්‍යාංශයේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය සංවිධානය කළ දැනුම්වත් කිරීමේ වැඩසටහන මීරීගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මේ සදහා විද්‍යාපීඨයේ පීඨාධිපතිනී හේමන්තා ගුණසේකර මහත්මිය, නියෝජ්‍ය පීඨාධිපතිනියන්, ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් මහතා, වයඹ පළාත් මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ අංශ ප්‍රධානී නවරත්න මැණිකේ මහත්මිය, මීරිගම ඩී.එස්. සේනානායක ජාතික පාසලේ විදුහල්පති ආර්.කේ. උදාර මනුරංග මහත්මා ඇතුළු ආරාධිතයින් පිරිසක් සහභාගී විය. තවද මීරිගම කලාපයට අයත් පාසල් දූ දරුවන් , ත්‍රවිධ හමුදා නිලධාරීන්, ප්‍රජා පොලිස් නිලධාරීන්, සුරාබදු නිලධාරීන්, සිවිල් ආරක්ෂක නිලධාරීන් හා මහජන ආරක්ෂක කමිටු සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් මේ සදහා සහභාගී වන ලදි.
මෙහිදී අනුශාසනාව පවත්වනු ලැබූයේ මීරිගම ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය පනාවැවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ විසිනි. වැඩසටහනෙහි ප්‍රධාන දේශනය ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ සම්බන්ධිකරණ නිලධාරී එන්.ආර්. අමරසිංහ මහතා විසින් පවත්වන ලදි. මත්ද්‍රව්‍ය භාවිතය පුද්ගලයාගේ කායික හා මානසික රෝගීභාවය කෙරෙහි සෘජුව බලපාන බවත් අදවන විට ලොව පුරා අවුරුදු 15 ත් 64 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් මිලියන 284 ක් පමණ මත්ද්‍රව්‍ය භාවිතයට යොමුගතවී ඇති බවත් ඒ මහතා සඳහන් කරන ලදි. විවිධාකාරයේ විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සීඝ්‍රයෙන් සිදුවන අතර මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාප්තියේ ඉතිහාසය, වර්තමාන තත්වය හා භාවිතයට පුද්ගලයින් යොමු වීමට හේතු පිළිබඳවත් අවධාරණය කරන ලදි. භාවිතයේ කායික හා මානසික ලක්ෂණ මෙන්ම භාවිතයෙන් නිදහස් වීම සඳහා මෙරට වන ප්‍රතිකාර හා පුනරුත්තාපන ක්‍රියාවලිය පිළිබඳවත් හෙතෙම සිය දේශනය තුල අවධාරණයට ලක්කරන ලදී. මත්ද්‍රව්‍ය භාවිතයේ නිදහස් රටක් නිර්මාණය කිරීමේ වගකීම මෙරට සෑම පුද්ගලයෙකුගේම වගකීමක්ය යන්නද අවධාරණය කෙරිණ.