
සාහිත්‍යකරණයේ විශිෂ්ටයෝ තනන්නට වෙහෙසෙන “වියමන“ වේයන්ගොඩ දී…..
ජූලි 10th, 2023බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද “වියමන“ නම් නිර්මාණාත්මක ලේඛන පුහුණු වැඩමුළුවක් වේයන්ගොඩ ජාතික සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ජුලි මස 08 සහ 09 යන දිනයන්හි පැවැත්විණි.
ගද්‍ය සහ පද්‍ය නිර්මාණකරණය,සාහිත්‍ය රසාස්වාදය,පරිකල්පනීය නිරීක්ෂණය ආදී කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී ලෙස පුළුල් ලෙස සාකච්ඡා කළ අතර සාහිත්‍යකරණය සඳහා කැමැත්තක් දක්වන විවිධ වයස් සීමාවන් හි පිරිස් මේ සඳහා සහභාගීවූහ.
රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාවේ සභාපති පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි, විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත්,මහාචාර්ය බිහේෂ් ඉන්දික, මහාචාර්ය ලතා ගුරුසිංහ, ආචාර්ය ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස්, ආචාර්ය ජගත් පතිරගේ, කථිකාචාර්ය පියල් කාරියවසම් ,කථිකාචාර්ය රංග මනුප්‍රිය, සාහිත්‍යවේදිනි කත්‍යානා අමරසිංහ, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ (වැ.බ) භාග්‍යා සී.කටුදෙණිය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.