පූජා භූමි සැලසුම්කරණය හා සංවර්ධනය කිරීම යන කාර්යය හා කර්තව්‍යය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතට පැවරී ඇත.
කිසියම් විහාරස්ථානයක්, පල්ලියක්, කෝවිලක් හෝ දේවාලයක් පූජාභූමියක් ලෙස හඳුනාගෙන ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරිමටත් එම පූජාභූමිය සංවර්ධනය කිරීමටත් මෙම අමාත්‍යංශයේ කාර්යභාරය වේ. මෙහිලා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේද සහය කර ගනු ලැබේ.
වර්ෂ 1946 අංක 13 දරන (269 වැනි අධිකාරිය වූ ) නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත යටතේ 6(2) (ආ) හා 21(2) (ආ) වගන්තිය යටතේ “නාගරික සංවර්ධන ප්‍රදේශ” වශයෙන් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන භූමි භාග පූජාභූමි ලෙස හඳන්වනු ලැබේ.
කිසියම් පූජනීය ස්ථානයක් පූජාභූමියක් ලෙස රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සමස්ත විධිමත් සැලැස්මක් (Master Plane) සකස් කොට ඒ අනුව පියවරෙන් පියවර සංවර්ධන කටයුතු සිදු කරනු ලැබේ..
දරිද්‍රතාවයෙන් හා ණය බරින් මිදී නිසි පෝෂණයෙන් සපිරි, , මතින් හා අවසිහියෙන් තොර සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ගත කරන, සියලු ආකාරයේ හිංසන ක්‍රියාවන්ගෙන් වියුක්ත , ආධ්‍යාත්මීය වශයෙන් උසස් මනසක් සහිත , යහපැවැත්මෙන් හා දියුණු පෞරුෂයෙන් හෙබි දැනුමින් පිරිපුන් මානව සම්පත් සපිරි ගමක් ” පුණ්යග්රාමයක් ලෙස හැඳින්විය හැකිය. බෞද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කරනු වස් අතීත ගමයි පන්සලයි යන සංකල්පය ග්‍රාමීය ප්‍රජාව තුළ ජනිත කිරීම තුළින් යහපත් ආර්ථික ක්‍රියාකාරකම්වල යෙදීමට අවශ්‍ය වන්නා වූ බෞද්ධාගමික ඉගැන්වීම් හා එම ක්‍රියාකාරකම්වල යෙදීමට අවශ්‍ය වන්නා වූ දිරිගැන්වීම් ලබාදීම මෙම වැඩසටහව තුලින් අපේක්ෂා කරනු ලබයි. සම්පත් පරිභෝජනයේ දී සමානාත්මතාවය ඇති කිරීමත් ඒ තුළින් පුද්ගලයා, පවුල හා ගම සුරක්ෂිත කිරීමත් තිරසර පුණ්යග්රාම වැඩසටහනේ අරමුණ යි.
මේ සඳහා විහාරස්ථාන කේන්ද්‍ර කර ගෙන සාරධර්ම සුරැකීමේ ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් හා භෞතික හා ආර්ථික සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කරනු ලබයි. සාරධර්ම සපිරි , ආර්ථිකමය වශයෙන් ශක්තිමත් ගමක් බිහිකිරීම උදෙසා අඩු පහසුකම් සහිත දුෂ්කර විහාරස්ථාන ද එකී ගම්මාන ද සංවර්ධනය කරමින්,ගම්මානවල ජනතාව ගමේ පන්සල් සමඟ ඒකාබද්ධ කර සාරධර්මවලින් පිරිපුන් සමාජයක් බිහිකිරීමට බුද්ධශාසන අමාත්‍යාංශය මඟින් 2018 වර්ෂයේ තිරසර පුණ්යග්රාම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැළසුම් කරන ලදී.
තිරසර පුණ්යග්රාම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් හා අරමුණු
p> බෞද්ධාගම මූලික කොටගත් සමාජ සාරධර්ම ආරක්ෂා කිරීම පිණිස සහය වෙමින් සෞඛ්‍ය සම්පන්න හා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් ජනතාවක් බිහි කිරීම.
අයහපත් සමාජ විරෝධී ක්‍රියාවන් සමාජගත වීමේ නැඹුරුව අවම කිරීම පිණිස සහය වීම.
දෙමාපිය හා දූ දරුවන් අතර යහපත් සබඳතාවක් ගොඩනැගීම පිණිස ක්‍රියාකාරී පාර්ශවකරුවෙකු වශයෙන් ක්‍රියා කිරීම.
දෛනික සමාජ ක්‍රියාකාරකම්වල දී විහාරස්ථාන, භික්ෂූන් වහන්සේගේ සහභාගීත්වය යහපත් මට්ටමකට ගෙන ඒම සඳහා සහය වීම.
ආගමික ක්‍රියාකාරකම්වලට පමණක් සීමා නො වූ පුළුල් සමාජ ක්‍රියාකාරකම් සඳහා භික්ෂූන් වහන්සේගේ ක්‍රියාකාරී නායකත්වය ලබා දීම පිණිස වැඩ පිළිවෙළක් හඳුන්වා දීම.
විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සංවර්ධනය කළ හැකි ග්‍රාමීය ආර්ථික ක්‍රමයක් ගොඩනැඟීම පිණිස සහය වීම.
ස්ත්‍රීන් විදේශගත වීම, ළමා ශ්‍රමය වැනි සමාජ අවගමනයට හේතු වන ආර්ථික ක්‍රියාකාරකම් මඟහරවමින් ග්‍රාමීය ආර්ථිකය ඵලදායී ලෙස හැසිරවීමට ආර්ථික උපාය මාර්ග සකස් කිරීමට අවශ්‍ය නායකත්වය විහාරස්ථාන තුළින් සැපයීම පිණිස සුදුසු ක්‍රියාවලියක් හඳුන්වා දීම.
විහාරස්ථානයේ ග්‍රාමීය ජනතාවට ප්‍රයෝජන ගැනීම පිණිස පොදු ගොඩනැගිල්ලක් සංවර්ධනය කිරීම.
ආර්ථික කාර්යයන්ට සහය වීමට උපයෝගී කරගෙන, හැකි පරිදි විහාරස්ථානය කේන්ද්‍ර කොටගත් ග්‍රාමීය දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම.
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම - 2018 වර්ෂයේ මහා භාණ්ඩාගාරය විසින් අයවැය යෝජනා අංක 161 මඟින් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත පුරාණ රජමහා විහාරස්ථාන සහ වන්දනාමාන ස්ථාන ප්‍රතිස්ථාපනය හා ප්‍රතිසංස්කරණය වෙනුවෙන් රු.මි. 250 ක් වෙන් කර තිබුණි. මෙම යෝජනාව යටතේ බුද්ධශාසන අමාත්‍යාංශයට රු.මි. 175 ක ප්‍රතිපාදන වෙන් කර දෙන ලදී. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භෞතික සැළසුම් දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය මට්ටමේ ආයතන සමග සාකච්ඡා කොට ගත් තීරණයට අනුව මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ලබාගන්නා සංවර්ධන යෝජනා මඟින් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කරන ලදී. මෙහි දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත ලබාගන්නා මෙම සංවර්ධන කාර්යයන්ගේ අධීක්ෂණය සහ මඟපෙන්වීම ද එම දෙපාර්තමේන්තුව වෙත පවරා ඇත.