ජාතික මීලාද්-දුන්-නබි සැමරුම් උත්සවය – 2023

සැප්තැම්බර් 8th, 2023

මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව සංවිධානය කරන ජාතික මීලාද්-දුන්-නබි සැමරුම් උත්සවය මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිලාවතුරෛ මුස්ලිම් මහා විද්‍යාලයේ පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
ඒ අනුව මීලාද්-දුන්-නබි සැමරුම සැප්තැම්බර් මස 28 වන දිනට යෙදී ඇති අතර, ඊට අදාළ ජාතික උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් හා පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කළ අතර ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා නිලධාරින් වෙත උපදෙස් ලබා දුන්නේ ය.
මෙම අවස්ථාව සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හා ග්‍රාමීය, ආර්ථික රාජ්‍ය අමාත්‍යතුමා, බුද්ධශාස, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමිය (ආගමික අංශය) , සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වුහ.