ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තය වෙත රැගෙන ගිය කෞතුක භාණ්ඩ, නොවැම්බර් මස අගසතිය වන විට මෙරටට…

නොවැම්බර් 3rd, 2023

නෙදර්ලන්ත රජය මඟින් ශ්‍රී ලංකාවට භාර දීමට නියමිත ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ නැවත ලබා ගැනීමේ කටයුතු පිළිබඳව සාකච්ඡාවක් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී අද (03) පැවැත්විණි.

කෞතුක භාණ්ඩ විධිමත් භාර ගැනීමකින් අනතුරුව ආරක්ෂිත ප්‍රදර්ශන මැදිරියක තැන්පත් කිරීම,දෙසැම්බර් මස 06 වන දිනයට පෙර මහජන ප්‍රදර්ශනය සඳහා කටයුතු සුදානම් කිරීම ආදී කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වූ අතර නෙදර්ලන්ත තනාපති කාර්යාලයේ නිලධාරින් සහ අමාත්‍යාංශ නිලධාරිහු පිරිසක් මෙම හමුවට එක්වුහ.