
කොටහේන ශ්‍රී පරමානන්ද පුරාණ විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරේ …
දෙසැම්බර් 1st, 2023කොටහේන ශ්‍රී පරමානන්ද පුරාණ විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සැදැහැවතුන්ගේ වන්දනාමානයට පත් කිරීමේ උත්සවය මහා සංඝරතනයේ ආශීර්වාද මධ්‍යයේ අද (01) සිදු කෙරිණි.
සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අරුග්ගොඩ ශ්‍රී ඉන්ද්‍රසරාරාම මහා විහාර පාර්ශ්වයට අයත්, කොටහේන ශ්‍රී පරමානන්දි පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මහ දිසාවේ උපප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය තඹවිට විමලවංශ නාහිමියන් වහන්සේගේ සහ විහාරාධිකාරී කල්‍යාණි කාරක සංඝ සභික, ශාස්ත්‍රපති පූජ්‍ය ලෙල්ලාගොඩ සිවලීවංශ හිමිපාණන් වහන්සේගේ සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ධුරන්ධර, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙහි කුලපති, සාහිත්‍යශූරී රාජකීය පණ්ඩිත අතිගරු ඉත්තෑපාන ධම්මාලංකාර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ත්‍රෛනිකායික මහානායක අනුනායක හා අනෙකුත් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අනුශාසනා පරිදි ආග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් උත්සවයේ කටයුතු සිදු කළහ.
මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යන මහත්වරු ඇතුළු සැදැහැවතුන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.