
නීරෝගිමත් ප්‍රජාවක් වෙනුවෙන් කැලණිය රජමහා විහාරස්ථ දුරුතු මහා පෙරහැරට සමගාමීව මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශන හා ප්‍රායෝගික වැඩසටහන්…
පෙබරවාරි 1st, 2024මතින් දුමින් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් පරිසරයක සිය ආගමික වතාවත්හි නියැලීමට මහජනතාවට අයිතියක් තිබේ. ඒ බැව් 2006 අංක 27 දරණ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරීය පනත මගින් තහවුරු කර ඇත. එනයින් ජාතික හා ආගමික උත්සව පැවැත්වෙන අවස්ථාවන් ඉලක්ක කරගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරී හා උපදේශන සේවාවන් පවත්වා ගෙන යාමේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය සිදු කල තවත් එක් වැඩසටහනක් කැලණිය රජමහා විහාරස්ථා වාර්ෂික දුරුතු මහා පෙරහැරට සමගාමීව පසුගියදා පැවැත්විණි.
මෙහිදී, සිගරට් භාවිතයේ හානිය පිළිබඳව ප්‍රායෝගික වශයෙන් අත්විදීමට සැලැස්වීමේ ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය මද්‍යසාර හා සිගරට් භාවිතා කරන්නන් උදෙසා උපදේශන වැඩසටහන්, ආදිය පූජා භූමිය තුල ක්‍රියාත්මක කෙරිනි. බැතිමතුන්ට මතින් දුමින් නිදහස් පරිසරයක සිට සිය ආගමික කටයුතු සිදුකිරීමේ හා පෙරහැර නැරඹීම සඳහා අවශ්‍ය පරිසරය ඉන් ගොඩ නැගීමට හැකි වූ අතර, මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් වීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ පරිපූර්ණ පෞරුෂයක් සඳහා පුද්ගලයෙකුට කොතෙක් බලපාන්නේද යන්න විශාල ප්‍රජාවකට අවබෝධ කරවීමට හැකියාව ලැබිණි.