
ශ්‍රී ලංකාවේ සංඝ නිකාය පාර්ශ්වයන් අතර සාකච්ඡාවක්…
මාර්තු 7th, 2024ශ්‍රී ලංකාවේ සංඝ නිකාය පාර්ශ්වයන්හි ගරු ලේඛකාධිකාරී නායක ස්වාමීන් වහන්සේලා සමඟ සාකච්ඡාවක් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන අමාත්‍යාංශයේදී අද (07) පැවැත්විණි.
මෙහිදී ගුවන් ගමන් බලපත්‍රයේ හා ජාතික හැඳුනුම්පතෙහි භික්ෂූන් වහන්සේලා හා සිල් මෑණියන් වහන්සේලාගේ නාමයන් ඇතුළත් කිරීමේදී භික්ෂූන්වහන්සේලා සඳහා Venerable ලෙසත් සිල් මෑණියන් වහන්සේලා සඳහා Reverend ලෙසත් යෙදීමට එහිදී තීරණය විය.
ලියාපදිංචි නොවන ආගමික මධ්‍යස්ථාන හරහා ජනතාව අන්‍යාගම්කරණයට ලක් කිරීම වළක්වාලීම සඳහා එම මධ්‍යස්ථානය වැටලීමට කටයුතු කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කළ යුතු බව ද එහිදී තීරණය කෙරිණි.
ආගමික සිද්ධස්ථාන හා භික්ෂූන් වහන්සේලා සම්බන්ධ ගැටළු ,ආගමික විකෘතිතා සම්බන්ධයෙන් නිකාය පාර්ශවයෙහි අදහස් සහ යෝජනා, 2024 රාජ්‍ය වෙසක් උත්සවය ආදී කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මහා සංඝරත්නය , බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම් පී. රත්නායක , බෞද්ධ කටයුතු සහකාර කොමසාරිස් ජනරාල් අසේල මදුශංක , බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු මහත්ම මහත්මීහූ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.