සෞදියෙන් පරිත්‍යාග කළ රටඉඳි මෙරට මුස්ලිම් පල්ලි සඳහා ලබාදීම ආරම්භ කරයි…

මාර්තු 11th, 2024

සෞදි අරාබි රාජ්‍යයෙන් මෙරටට පරිත්‍යාගය කළ රට ඉඳි මෙරට මුස්ලිම් පල්ලි වෙත සංකේතවත් ලෙස ලබා දීම බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන අමාත්‍යංශයේ දී අද (11) සිදු කෙරිණි.

එහිදී කොළඹ දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලි තුනක් සඳහා අද දිනයේදී මෙලෙස රට ඉදි නිල වශයෙන් ලබාදුණි.

මෙරට ලියාපදිංචි මුස්ලිම් පල්ලි 2500 ක් තිබෙන බැවින් එක් පල්ලියක් සඳහා රට ඉඳි කිලෝ විස්සක ප්‍රමාණයක් ලබා දීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා රට ඉඳි ලබා දී ඇති අතර අද සහ හෙට දිනය තුළ අනෙකුත් දිස්ත්‍රික්ක සඳහාද රට ලබාදීමට කටයුතු කරයි.
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ ඉසෙඩ්.ඒ.එම් ෆයිසාල් මහතා සහ දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.