දෙමළ නාට්‍ය වැඩමුළුව කුණ්ඩසාලේ ජාතික කලා නිකේතනයේ දී ආරම්භ කෙරේ…
මැයි 11th, 2024දෙමළ නාට්‍යකරුවන්ගේ ඉල්ලීම පරිදි, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව පැවැත්වූ දෙමළ නාට්‍ය වැඩමුළුව කුණ්ඩසාලේ ජාතික කලා නිකේතනයේ දී අද (11) ආරම්භ කෙරිණි.
දෙදින නේවාසික පුහුණු වැඩමුළුවක් වන මෙම නාට්‍ය වැඩමුළුව සඳහා උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ නාට්‍යවේදීන් 50 දෙනෙකු සහභාගී වී ඇති අතර ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ ජ්‍යෙෂ්ඨ නාට්‍යවේදීන් රැසක් සම්පත් දායකත්වය ලබා දී තිබේ.
දෙමළ නාට්‍ය කලාව ප්රශස්ත මට්ටමකට රැගෙන ඒමට, ඔවුන් දිරිමත් කිරීම, ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවට පිවිසෙන දෙමළ නාට්‍යවේදීන්ගේ දායකත්වය තුළින් නිර්මාණශීලී, විශිෂ්ට දෙමළ නාට්‍ය කලාවක් බිහිකිරීමට මෙම වැඩමුළුව පිටුවහලක් සැපයෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව, ප්‍රවීණ සම්මානිත නාට්‍යවේදී වසන්ත විට්ටච්චි, ප්‍රවීණ සංගීතවේදී ඇන්තනී සුරේන්ද්‍ර, සම්මානිත සාහිත්‍යවේදියෙකු, නාට්‍යවේදියෙකු වන පියල් කාරියවසම්, ප්‍රවීණ නාට්‍යවේදී එල්. එස්.මෝහන් රාජ් යන මහත්වරු ඇතුළු රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සාමාජිකවරු පිරිසක් මෙම අවස්ථවට එක්ව සිටියහ.

බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය 
