පුරාවිද්‍යා අනුරූ ඇතුළත් ප්‍රදර්ශනයක් රාජ්‍ය වෙසක් උත්සව භූමි පරිශ්‍රයේ දී…
මැයි 23rd, 2024ශ්‍රී ලාංකේය උරුමයන් ඉස්මතු කරන කෞතුක වස්තු සහ අනුරූ ඇතුළත් ඒකාබද්ධ ප්‍රදර්ශනයක් රාජ්‍ය වෙසක් උත්සව භූමි පරිශ්‍රයේදී පැවැත්වේ.
මෙම ප්‍රදර්ශනය විවෘත කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ දී සිදු කෙරිණි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ අධීක්ෂණය යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කෙරිණි.