
මතට ඇබ්බැහි වූවන් සඳහා ප්‍රජා පුනුරුත්ථාපන වැඩසටහනක්…
ජූනි 6th, 20242024 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මාතලේ දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාශ 13 ක් ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය දුර්භාවිතය සඳහා යොමුගත වූවන් 25 දෙනෙකු මූලික වශයෙන් හඳුනාගෙන ප්‍රජාපාදක පුනුරුත්ථාපන වැඩසටහනකට යොමුගත කිරීම ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ මෙහෙයවීම මත 2024.05.20 දින සිට 26 දින දක්වා මාතලේ රත්තොට ගනේතැන්න පූර්වාරාම පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි. මෙහිදී ප්‍රතිකාර හා උපදේශන වැඩසටහන් සත්දින පුරාවටම මත්ද්‍රව්‍ය නිවාරණ විෂය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සම්පත් දායකත්වය මත සිදුකරනු ලැබිණ.
මෙම සේවාලාභීන් වසරක් දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ හා උපදේශන නිලධාරීන්ගේ සෘජු අධීක්‍ෂණයට ලක් කෙරෙන අතර ත්‍රෛමාසිකව ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ අධීක්‍ෂණයට ලක්වේ. ඊට සමගාමීව එම සේවාලාභීන්ගේ දෙමාපියන් සඳහාද උපදේශන සැසියක් පැවැත්විණි.