අලවල ගුහාව සංරක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කරයි …

ජූනි 22nd, 2024

කැණීම් සිදු කර තිබූ අලවල ගුහාව සංරක්ෂණය කිරීම මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය එක්ව නැවත ආරම්භ කරයි.

ඒ අනුව එම ගුහාවේ පස් ස්තර හතරෙන් එක් පස් ස්තරයක් ප්‍රදර්ශනය කිරීමද සිදු කෙරේ.

වසර දාහතර දහසකට වඩා පැරණි ප්‍රාග් ඓතිහාසික මානවයා ඇතුළු කණ්ඩායමක් ජීවත් වූ වාසභූමියක් ලෙස මෙම ගුහාව 2013 වර්ෂයේ දී කැණීම් කර ඇති අතර එහි පළමු සංරක්ෂණ කටයුතු 2019 වසරේදී ආරම්භ කරන ලදී.