
දන්දීමේ උතුම් ගුණාංගය සිහිපත් කරමින් කෞතුකාගාරයෙන් දුන් ‘බත් දන්සල’…
ජූනි 27th, 2024පොසොන් පොහොය නිමිති කර ගනිමින් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද පොසොන් බත් දන්සල බුද්ධශාසන, අගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කෞතුකාගාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී අද (27) පැවැත්විණි.
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් තනූජා කස්තුරිආරච්චි මහත්මිය ඇතුළු කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ මූල්‍ය දායකත්වයෙන් සහ ශ්‍රම දායකත්වයෙන් මෙම දන්සල සංවිධානය කෙරිණි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එච්.එම්. බී. පී හේරත්, අතිරේක ලේකම් කේ. ඒ. ඩී. ආර්. නිශාන්ති ජයසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු කෞතුකාගාර දෙපාර්තමේන්තු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.