
මියන්මාර් ජනරජය වෙත රුපියල් මිලියන 45ක මුදල් පරිත්‍යාග කිරීම
අප්‍රේල් 23rd, 2025මියන්මාර් ජනරජයේ ඇතිවු භූමි කම්පා තත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ මෙහෙයවීමෙන් දිවයින පුරා පිහිටි ශාසනාරක්ෂක මණ්ඩලවල සහභාගිත්වය සහිතව රැස් කරන ලද රුපියල් මිලියන 45ක මුදල් පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි මාලර් තන් ටයික් (Marlar Than Htaik) මහත්මිය වෙත අද (23) බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ශ්‍රවනාගාරයේ දී පිරිනමනු ලැබීය.
එම අවස්ථාවට ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති පූජ්‍ය මහාචාර්ය තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමිපාණන්වහන්සේ, වැඩබලන ලේඛකාධිකාරී පූජ්‍ය හාල්පන්විල පාලිත නාහිමිපාණන්වහන්සේ, උපලේකම් දුනුකේවත්තේ සීලවිමල නාහිමිපාණන්වහන්සේ, උප සභාපති තලගල සුමනරථන නාහිමිපාණන්වහන්සේ, සමස්ථ ලංකා දසසිල් සංවිධානයේ ප්‍රධාන සභාපති පොලොන්නරුවේ ධම්මානන්දා සිල්මෑනියන්, ලේකම් මුල්කිරිගල සීලප්‍රිය සිල්නියන්ගේ සහභාගීත්වයෙන් සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මැතිතුමා, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරී මහත්ම මහත්මී ද එක් විය.