
දරිද්‍රතාවය අවමකිරීම හා සංවර්ධන සහයෝගීතා පිළිබඳ චීන – දකුණු ආසියානු සමුළුව
මැයි 15th, 2025දරිද්‍රතාවය අවමකිරීම හා සංවර්ධන සහයෝගීතා පිළිබඳ චීන – දකුණු ආසියානු සමුළුව අද (15) කොළඹ, හිල්ටන් හෝටල් පරිස්‍රයේදී පැවැත්විණි. චීන ජාත්‍යන්තර සන්නිවේදන කණ්ඩායම සහ චීන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ඒකාබද්ධව පැවැති මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා එක්විය.
චීන ජාත්‍යන්තර සන්නිවේදන කණ්ඩායමේ සභාපති සහ ස්ථාවර කමිටු සාමාජික ආචාර්ය Du Zhanyuan, ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති ගරු Qi Zhenhong, ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆහීම් උල් අසීස්, බංගලාදේශ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිත DHM සහ පළමු ලේකම් MD Jannathl, Habib, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ජාතික ව්‍යාපෘති විශේෂඥ කපිල මුණසිංහ මහතා ඇතුළු විශාල සම්භාවනීය පිරිසක් මේ සඳහා සහභාගී වුණි.