
ශ්‍රී ධර්මවිජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය
ජූනි 9th, 2025මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් අහිමි වී ගිය, වෙහෙරගොඩැල්ල පුරාණ විහාරය වෙනුවට , මාඔය – නවකඩවත ශ්‍රී ධර්මවිජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද දින (09) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ සුරතින් සිදුකෙරිණි.
මෙම විහාර මන්දිරය උතුරු මාතලේ උප ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති, අතිපූජ්‍ය මඩුමානේ ශ්‍රී පේමානන්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනාව පරිදි, සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක, ගෞරව ශාස්ත්‍රවේදී, අතිපූජ්‍ය කැන්දගොඩැල්ලේ පාලිත තිස්ස නාහිමිපාණන් වහන්සේගේ මඟපෙන්වීම යටතේ, කඩවත පදිංචි එච්.එම්.පී. හේරත් මහතා සහ එම්.ඩබ්ලිව්. සුජාතා මහත්මිය යන දම්පතීන්ගේ හා දායක සභාවේ නොමසුරු දායකත්වයෙන් යුතුව සැදැහැවතුන්ගේ පූජෝපහාරය පිණිස ඉදිකරණු ලැබීය.
මෙම පුන්‍ය මහෝත්සවය සඳහා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මැතිතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන්, ප්‍රදේශවාසී, ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී විය.