ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය සහ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලීසිය එක්ව සංවිධානය කරනු ලබන මිහිඳු මහා පෙරහැර

ජූනි 17th, 2025

දීවිල්ල, ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය සහ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලීසිය එක්ව 20 වන වරටත් සංවිධානය කරනු ලබන මිහිඳු මහා පෙරහැර 15 වන දින යටවත්ත පොලිස් ස්ථානයේ දී ආරම්භ විය. එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු ගමගෙදර දිසානායක මැතිතුමා සහභාගී විණි.
ශ්‍රී ලංකා අමරපුර සිරිසුමන (දඹුලු) පාර්ශ්වයේ, මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක, නියෝජ්‍ය ලේඛකාධිකාරී ශ්‍රී ධර්මවර්ධනාරාම විහාරස්ථානයේ විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය ගල්ලියද්දේ අරියවංශ හිමිපාණන්වහන්සේ මූලිකත්වයෙන් පැවැති මෙම මිහිඳු මහා පෙරහැර සඳහා යටවත්ත පොලිසිියේනිලධාරී මහත්ම මහත්මීන් සහ යවත්ත ප්‍රදේශීය කාර්යාලීය නිලධාරී මහත්ම මහත්මීන් ද දහම් පාසල් දුවා දරුවන් ඇතුළු ප්‍රදේශවාසී විශාල පිරිසක් එක්විය.