
ගැබිනි මාතාවන් හට ‘ බිළිදු ලොවට බුදු සමිදු වඩිනවා’ තේමා පෙරදැරි කොටගෙන පවත්වන ලද සංස්කෘතිකමය වැඩසටහන
ජූනි 17th, 2025මාතලේ මහා නගර සභාවට අනුබද්ධිත, අලුවිහාර ශාඛා පුස්තකාලයෙන් කියවීම ප්‍රවර්ධනය කිරිම අරමුණු කොටගෙන සහ අලුවිහාරයේ වෙසක් හා පොසොන් දින සැමරීම වෙනුවෙන් ගැබිනි මාතාවන් හට ‘ බිළිදු ලොවට බුදු සමිදු වඩිනවා’ තේමා පෙරදැරි කොටගෙන පවත්වන ලද සංස්කෘතිකමය වැඩසටහන 15 වනදින බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඒ් සඳහා තොටගමුව කන්ද විහරයේ විහාරාධිපති, පී. ධම්මදස්සි හිමිපාණන්, ප්‍රවීණ රාජ්‍ය සම්මානනීය මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා, ප්‍රවීණ ලේඛක හා මතලේ දිස්ත්‍රික් මාතෘ හා ළමා වෛද්‍ය නිලධාරි නුවන් තොටවත්ත මහතා ඇතුළු මාතලේ මහා නගර සභාවේ නිලධාරී මහත්ම මහත්මීන්, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.