ජාත්‍යන්තර යෝගා දින සැමරුම 2025

ජූනි 21st, 2025

ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර යෝගා දින සැමරුම අද දින (21) නිදහස් චතුරස්‍ර පරිස්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදී යෝගා පිළිබඳ ග්‍රන්ථ පිළිගැන්වීමක් සහ උපදේශකවරුන් සඳහා සහතික පත්‍ර ලබාදීම ද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මැතිතුමා අතින් සිදුකෙරුණි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ගරු රිස්වි සාලි, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු අනිල් ජයන්ත, විද්‍යා හා තාක්ශණ අමාත්‍ය වෛද්‍ය ගරු ක්‍රිශාන්ත අබේසේන, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු ගමගෙදර දිසානායක, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ගරු සුගත් තිලකරත්න යන මැති ඇමතිවරුන් සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා, ශ්‍රී ලංකා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන්, යෝගා සංගම්වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.