කලාකරුවන් වෙනුවෙන් ටවර් හෝල් රඟහල පදනම මඟින් සංවිධානය කරන ලද වෛද්‍ය සායනය

ජූනි 25th, 2025

රංගනයෙන් දැයක් අවදිකළ කලාකරුවන් වෙනුවෙන් ටවර් හෝල් රඟහල පදනම මඟින් සංවිධානය කරන ලද වෛද්‍ය සායනයක් අද දින (25) කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

මෙම වෛද්‍ය සායනය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියේජ්‍ය අමාත්‍ය ගරු ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක, අධ්‍යක්ෂ (පාලන හා සංවර්ධන) නිපුණ දිසානායක, නියෝජ්‍ය අධ්‍යක්ෂ (නාට්‍ය ප්‍රවර්ධන, කලාකරු සුභසාධන හා වැඩසටහන්) චන්දන විජේසුන්දර බණ්ඩාර නිලධාරී මහත්වරුන් සහ විල්සන් ගුණරත්න, කේ.ඒ. පියකරු, ගීතාකාන්ති ජයකොඩි, ප්‍රියා රණසිංහ, කාන්චනමාලා මහවිතාන ඇතුළු ප්‍රවීන රංගන ශිල්පී ශිල්පිනියන් විශාල පිරිසක් මේ සඳහා සහභාගී විය.