
කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී මහත්ම මහත්මීන්ගේ හමුව
ජූලි 15th, 2025කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය කාර්යාලවල සේවයේ නියුතු බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී මහත්ම මහත්මීන්ගේ හමුවක් (15) අද දින බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියේජ්‍ය අමාත්‍ය ගරු ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මෙහිදී 2025 වර්ෂයේ සඳහා ඉදිරි ක්‍රියාකාරකම් පිළිබඳව සහ 2026 වර්ෂය සදහා නව වැඩසටහන් සකස් කිරීම පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරුණු අතර, ක්ෂේත්රයේ නිළධාරින්හට මුහුණදීමට සිදුවන වෘත්තීය ගැටලු පිළිබඳව ද වැඩිදුරටත් අවධානයට ලක්විය.