අභ්‍යන්තර කටයුතු ඒකකය
රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම යන මැයෙන් වූ ජනාධිපති ලේකම්ගේ අංක PS/ACD/01/2019 සහ 2019/07/04 දිනැති චක්‍රලේඛය හා එයට සංශෝධන ඇතලත්ව නිකුත් කර ඇති ජනාධිපති ලේකම්ගේ අංක PS/SB/Circular/2/2021 හා 2025/02/18 දිනැති උපදෙස් පරිදි මෙම අමාත්‍යාංශය සදහා පහත නිලධාරින්ගෙන් සමන්විතව අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවා ඇත.
ඒකයේ තනතුර
|
නම
|
ස්ථීර නතුර
|
ඒකක ප්‍රධානී |
එම්.නාලිකා පී.ගුණරත්න මෙය |
අතිරේක ලේකම් (පාලන) |
සුපිළිපන්න නිලධාරි |
හේමන්ති කුමාරි මිය |
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන) |
සාමාජික |
එස්.ජී.පල්ලියගුරුගේ මහත්මිය |
අතිරේක ලේකම් (පාලන) |
සාමාජික |
ජේ.බී.ඩී. රත්නායක මිය |
ප්‍රධාන ගණකාධිකාරි |
සාමාජික |
ආර්.පී.එස්.රාජපක්ෂ මිය |
ප්‍රධාන අභ්‍යන්තර විගණක |
සාමාජික |
ඩබ්.එච්.ඩී.ශ්‍යාමලී මිය |
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්(පාලන) |
සාමාජික |
බී.ආර්.රනසිංහ මිය |
ගණකාධිකාරී (මුදල් හා ප්‍රසම්පාදන) |
සාමාජික |
ඩබ්. ටී.ආර්.චන්දිමා මහත්මිය |
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන) |
සාමාජික |
සජීවනී චන්දිමා වික්‍රම මිය |
සහකාර ලේකම් (පාලන) |
සාමාජික |
පී.ජී.එස්.එච්.කුමාර මහතා |
අධ්‍යක්ෂ සැලසුම් (රා.ඉ) |
සාමාජික |
ජී.එම්.ඩී.එස්.ගම්ලත් |
ප්‍රධාන ගණකාධිකාරී |
සාමාජික |
රමණි හේවාගමගේ මහත්මිය |
පරිපාලන නිලධාරී |
සාමාජික |
එච්.එල්.සී.පී.ලියනගේ මිය |
පරිපාලන නිලධාරී |
සාමාජික |
ජී.එම්.මුණසිංහ මයා |
සංවර්ධන නිලධාරී |
සාමාජික |
එන්. ආර් අමරසිංහ මයා |
සංවර්ධන නිලධාරී |
අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධාන අරමුණු
- ආයතනය තුල දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.
- ආයතනයේ සියලුම ක්‍රියාකාරකම් වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම.
- ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම.
- විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
- නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම.
අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි වගකීම් සහ කාර්යයන්
- ආයතනය තුළ පවතින පද්ධතිමය බාධාවන් (systemic bottlenecks) හඳුනා ගැනීම සඳහා වත්මන් ක්‍රියාපටි සහ චක්‍රලේඛ පරීක්ෂා කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඒවා සරල කිරීම.
- දූෂණ අවදානම් ඇගයීම් (Corruption Risk Assessment) සිදු කිරීම මඟින් ආයතනය තුල දූෂණයට හා සදාචාර විරෝධී හැසිරීම් වලට ගොදුරු විය හැකි කේෂේත්‍ර හඳුනා ගැනීම සහ ඉලක්කගතව වැළැක්වීමේ පියවර ගැනීම.
- ආයතනයේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සකස් කරන ලද නිශ්චිත දූෂණ විරෝධී අරමුණු සහ උපායමාර්ග ඇතුළත් ආයතනික සුපිළිපන්න ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම.
- ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම සමඟ ආයතනික ප්‍රතිපත්ති සහ භාවිතයන් පෙළගස්වමින් ජාතික දූෂණ විරෝධී උපාය මාර්ග වලට අනුකූල වීම.
- 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ඇතුළු ජාතික හා ජාත්‍යන්තර දූෂණ විරෝධී නීති සමග අයතනයේ අනුකූලතාව ඇගයීම සඳහා අනුකූලතා සමාලෝචන (Compliance Assessments) සිදු කිරීම සහ වැඩි දියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනාගැනීම.
- සියලුම රාජ්‍ය නිලධාරීන් සහ සේවා නියුක්තිකයින් සඳහා වත්කම් ප්‍රකාශන අවශ්‍යතාවලට අනුකූල වීම සහතික කිරීම සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභා නියෝග සහ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අනුකූලව බැඳයාවන් අතර ගැටුම් කළමණාකරණය කිරීම.
- ආයතනය තුල දූෂණ සහ සදාචාර විරෝධී හැසිරීම් සම්බන්ධ පැමිණිලි භාර ගැනීම හා කළමණාකරණය කිරීම සඳහා ආරක්ෂිත පද්ධතියක් ස්ථාපිත කිරීම, එවැනි සියළුම පැමිණිලි සම්බන්ධයෙන් අදාල නිලධාරීන් හෝ ඒකක විසින් කඩිනමින් කටයුතු කරන බවට සහතික වීම සහ විනිවිද භාවය සහ වගවීම සහතික කරමින් විමසීම් සිදු කරන අදාල පාර්ශවකරුවන් වෙත නිරන්තර යාවත්කාලීන කිරීම් ලබා දීම, අවශ්‍ය පරිදි , දූෂණ විරෝධී පනත යටතේ විමර්ෂණය සඳහා අදාල කරුණු, සොයැගැනීම් හෝ තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව වෙත යොමු කිරීම.
- ආයතනය විසින් සපයනු ලබන සේවාවන් විස්තර කෙරෙන පුරවැසි ප්‍රඥප්තියක් සංවර්ධනය කර ප්‍රකාශයට පත් කිරීම.
- රාජ්‍ය නිලධාරීන් විසින් පිලිපැදිය යුතු ප්‍රමිතිගත අචාරධර්ම සංග්‍රහයක් ඇතුළුව, සදාරචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම සහ බලාත්මක කිරීම.
- දූෂණ විරෝධී මූලධර්ම වලට කැපවී සිටීමට අභිප්‍රේරණයක් ලෙස කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සහ දැනුවත් කිරීම ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීම.
- අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව සහ ජාතික දූෂණ විරෝධී රාමුව මඟින් මෙහෙයවන ලබන සුපිළිපන්න ඇගයිම් ක්‍රියාවලින් සඳහා ආයතනය සහභාගී වන බව සහ ඒ සමඟ පෙලගැසෙන බව සහතික කරමින්, ජාතික දූෂණ විරෝධී සුපිළිපන්න ඇගයීම (National Anti- Corruption Integrity Assessment) සඳහා ආයතනික කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියාකිරීම.
- ඒකකයේ රාජකාරී ක්‍රියාත්මක කිරීමේදී අඛණ්ඩ මඟපෙන්වීම් සහ සහාය ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම්.
- අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි ක්‍රියාකාරකම්, දූෂණ විරෝධී මුලපිරීම් වල ප්‍රගතිය, මුහුණ දෙන අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ සාරාංශගත කරමින් කාලානුරූපී සහ වාර්ෂික වාර්තා සකස් කිරීම.
- පුද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් සුපිළිපන්නතාවය වර්ධනය කිරීම සඳහා වන සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
ලිපිනය |
: |
නො.135, අනගාරික ධර්මපාල මාවත, කොළඔ 07 |
|
|
සංස්කෘතික අංශය – I අධියර,8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල |
|
|
ජාතික උරුම අංශය – II අධියර, 4 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල |
|
|
වෙත ද ඔබගේ යෝජනා/පැමිණිලි යොමු කල හැක |
ඊමේල් ලිපිනය |
: |
iau@mbs.gov.lk |