බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය තුමා සහභාගී වූ වැඩසටහන්

අගෝස්තු 10th, 2025

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු ගමගෙදර දිසානායක මැතිතුමා අගෝස්තු මස 09 වන දින සිදුකරන ලද සංවර්ධන වැඩසටහන් සහ මහජන සේවාවන් කීපයකට සහභාගී විය. එදින පෙරවරුවේ දී ගරු නියෝජ්‍ය අමාත්‍යතුමන් මාතලේ, සංවර්ධන කමිටු කාර්යාලයේ ක්‍රියාත්මක කරනුලබන මහජන දිනය පැවැති අතර අනතුරුව මහත් උත්සවාකාරයෙන් පැවැත්වුණු මාතලේ, ශ්‍රී කතරගම දේවාලයේ වාර්ෂික ආඩිවේල් රිදී තේරු උත්සවය සඳහා ද එක්විණි . මාතලේ, ශ්‍රී කතරගම දේවාලයේ පූජක තුමන්ලා ඇතුලු ප්‍රදේශවාසී බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.