
මොණරාගල දිස්ත්‍රික් ශාසන බල මණ්ඩලය විසින් සංවිධානය කළ මොනරාගල දිස්ත්‍රික් සංඝයා වහන්සේලාගේ විශේෂ සාකච්ඡාව
අගෝස්තු 15th, 202575 වන පියවරින් පියවර වැඩසටහන යටතේ මොණරාගල දිස්ත්‍රික් ශාසන බල මණ්ඩලය විසින් සංවිධානය කළ මොනරාගල දිස්ත්‍රික් සංඝයා වහන්සේලාගේ විශේෂ සාකච්ඡාවක් 14 වෙනි දින මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මහා ලේඛකාධිකාරී මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ ප්‍රධානත්වයෙන් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු ගමගෙදර දිසානායක මැතිතුමා හා වෙළඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත් විය.
මහා සංඝරත්නය ඇතුලුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් (සංවර්ධන) අසේල මධුශංඛ, මොනරාගල, දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. විජේනායක, මොනරාගල අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්. විජේනායක, අදාළ අංශවල නිලධාරී මහත්ම මහත්මීන් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.