මාතලේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කල සාහිත්‍ය උළෙල

ඔක්තෝබර් 3rd, 2025

මාතලේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කල සාහිත්‍ය උළෙල 30 දින යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත් විය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු ගම ගෙදර දිසානායක මැතිතුමා සහභාගි වූ අතර, යටවත්ත ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛාධිකාරී පූජ්‍ය දොළුවේ රතනජෝති හිමි , යටවත්ත ප්‍රාදේශීය ලේකම් ඇතුලු ගිහි පැවිදි විශාල පිරිසක් මෙයට සහභාගි විය.