2025 ජාතික දීප වාලි උත්සවය

ඔක්තෝබර් 4th, 2025

2025 ජාතික දීප වාලි උත්සවය ඔක්තෝබර් මස 19 වැනි දින නුවර එළිය දිස්ත්‍රික්කයේ හැටන් වලදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය මැද පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම ගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 03 වෙනිදින හැටන්වලදී පැවැත්විණි.මෙම අවස්ථාවට නුවර එළිය දිස්ත්‍රික් මන්ත්‍රී සංවර්ධන කමිටු සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී සිල්වී,බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධිර මහතා අතිරේක ලේකම් එච්.එන් කුමාරි මහත්මිය,නුවර එළිය දිස්ත්‍රික් දිසාපතිතුමිය,හින්දු ආගමික නායකයින්,හින්දු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක, රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු ව්‍යාපාරික ප්‍රජාවද එක්ව සිටියහ.