ගංවතුරෙන් හා සුළිකුණාටුවෙන් ආපදාවටපත් ලක්වැසියන්ට සෙත්පැතීම සහ ජීවිත අහිමිවූවන්ට පුණ්‍යානුමෝදනා කිරීම
දෙසැම්බර් 5th, 2025ගංවතුරෙන් හා සුළිකුණාටුවෙන් ආපදාවටපත් ලක්වැසියන්ට සෙත්පැතීම සහ ජීවිත අහිමිවූවන්ට පුණ්‍යානුමෝදනා කිරීම වෙනුවෙන් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා එයට අයත් දෙපාර්තමේන්තු මඟින් විශේෂිත ආගමික වැඩසටහන් මාලාවක් පහත පරිදි සංවිධානය කර ඇත.
- පිරිත් දේශනය –
- දෙසැම්බර් මස 9 වන දින රාත්‍රී 8.00 සිට
- හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමා මාලකයේ දී
- සියක් නමක් වෙනුවෙන් උදැසන සංඝගත දක්ෂිණාව –
- දෙසැම්බර් මස 10 වන දින උදෑසන 6.30 ට
- හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී
- විශේෂ හින්දු යාග පූජාව –
- දෙසැම්බර් මස 09 දින පෙරවරු 9.00 සිට 11.00 දක්වා
- බම්බලපිටිය පැරණි කදිරේෂන් කෝවිලේ (වජිර කෝවිල) දී
- විශේෂ මුස්ලිම් ආගමික වැඩසටහන – දුආ (ප්‍රාර්ථනා) සහ දේශන –
- දෙසැම්බර් මස 09 වන දින පස්වරු 3.45 සිට 5.30 දක්වා
- වැල්ලවත්ත ජුම්මා පල්ලියේදී
- ක්‍රිස්තියානි දේව මෙහෙය –
- දෙසැම්බර් මස 09 දින පස්වරු 7.00 ට
- කොළඹ 08 ශාන්ත පාවුළු දේවස්ථානයේදී
- කතෝලික දිව්‍ය පූජාව –
- දෙසැම්බර් මස 10 දින පස්වරු 6.00 ට
- ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝෂප් දේවස්ථානයේදී

බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය 
