අපවත්වී වදාළ ගෞරවණීය පස්ගොඩ ජිනවංශභිධාන නාහිමිපාණන් වහන්සේගෙ ආදාහන පූජෝත්සවය
මාර්තු 2nd, 2026අපවත්වී වදාළ සියම් මහා නිකායේ වනවාස පාර්ශ්වයෙ අතිපූජ්‍ය ශ්‍රීමත් මහානායක ධූරය හෙබවූ, දඹුල්ල එඩේරගල ආරන්‍ය සේනාසනයෙහි නිර්මාතෘවර ගෞරවණීය පස්ගොඩ ජිනවංශභිධාන නාහිමිපාණන් වහන්සේගෙ ආදාහන පූජෝත්සවය 01 දින රාජ්‍ය ගෞරවය සහිතව මල්වතු අස්ගිරි පාර්ශවයන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේ හා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා , මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා , දඹුල්ල නගරාධිපති වසන්ත රාජමන්ත්‍රී, මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා හා රාජ්‍ය නිළධාරින් මෙන්ම සතර පේරුවෙ දායකාදිකාරීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවිය.







බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
