2026 ජාතික වෙසක් උත්සවය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්
පෙබරවාරි 20th, 20262026 ජාතික වෙසක් උත්සවය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 19 වෙනිදින අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විනි. ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ගත් තීරණයක් මත මෙම ජාතික වෙසක් උත්සවය මාතර නගරය කේන්ද්‍ර කර ගනිමින් මැයි මස 27,28,29,යන දිනවලදී ඉතාම උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට මෙහිදී තීරණය විය. මෙම අවස්ථාවට සමස්ත ලංකා ශාසන බල මණ්ඩලයේ ලේඛනාධිකාරී මුගුණවල අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඇතුළු පොල්හේන පුරාණ විහාරයේ නායක ස්වාමීන් වහන්සේ මෙන්ම තිහගොඩ පුරාණ විහාරයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ නිලධාරී මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගි විය.






බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
