ලෝක සාම පා ගමන මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ගමන් ආරම්භ කරයි

අප්‍රේල් 23rd, 2026

පුජ්‍ය පඤ්ඤාකාර ස්වාමින් වහන්සේ ඇතුළු දොළොස් නමකින් යුත් මහා සංඝරත්නයේ මුලිකත්වයෙන් දින හතක් පුරා දිවයින හරහා සිදුකරන ලෝක සාම පා ගමන අද ඓතිහාසික මාතලේ අලුවිහාරය රාජ මහා විහාරස්ථාන භූමියේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ගමන් ආරම්භ කල අතර, මෙම අවස්ථාවට බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා ද එක්ව සිටියහ.